Wednesday, June 25, 2014

සැරින් සැරේ එපා !

වැටී කතරට 
අතරමං වුනු 
මහා වැහි කළු වලාවක් 

වස්සවා
හෙණ හඬ ගිගුම් දී 
සනසවා දුහුවිලි පොදක් 

ඈත සිට 
නිහඬව හමා ආ
සුළඟ සොයමින් මාවතක් 

නැවත නැවතත් 
නොනැවතී යයි 
වැහි අඳුර මුසු මාරුතක් 

කෝ කොහිද නුඹ 
කොහේ යන්නෙද
අසන්නේ එක දුහුවිලි ගලක් 

කලින් කල වැසි 
කඩින් කඩ වැටී 
වැටී සලිතවු බිම් කඩක් 

උඩින් දුහුවිලි 
ගසාගෙන යන 
වැස්ස කුමකට කප්පරක්

උඩින් නොපෙනෙන 
බොහෝ දේ ඇත 
විනිශ්චය කිම මලකින් පතොක් 

ඔහේ පලයන් 
ආයෙ මහ වැහි 
ඕනෙ නැහැ පොඩි මේකුලක්

Tuesday, June 10, 2014

සීසර්

මං සීසර් 
ඔටුන්නෙත් කොළ කාපු 
බහින්න 
බ්ලඩ් ප්‍රෙෂර් එක

Wednesday, June 5, 2013

දොර ගල ඇණ ගහන්න අරං

දොර දාරෙ
හදිසි මරණයක්

දොර මුල්ලෙ
පාන්සුකුලයක්‌

දොර පියන
ඇරෙනවා වැහෙනවා



06 / 05 / 2013

Sunday, August 12, 2012

මගේ යෙහෙළියට


හදිස්සියෙ ඔහේ වැටුණු 
මහා වැහි බීරුමට
නුබයි මට සෙවනකට 

කළු කුඩය ඉහලුවේ

කොයි කවුරු කොහොමටත්
කල උසුළු විසුලුවෙන්
නොවේ නුබ තවමත්ම
ඒ කුඩය අකිලුවේ

2012/08/11

PaSt

අතීත ආදර සැමරුම් 
පාසි බැදුණු ගල් තලාව 
මතකද අපි මුකුළු කළා
මල් මල් රතු කුඩේ යටින් 

Saturday, August 11, 2012

ඇද උඩ


කට උඩට බලියාන 
පැයට හය හත් වරක් 
අහිපියන් වහනවා 
එත් දුවිල්ලකට ...

මගේ උදරෙට උඩින්
හුලන් පෙති කැරකෙනව
බාල්කය හෙමි හමින් 
පාත් වෙනවයි හිතුන ...

කන දෙපැත්තෙන් එමට
කරුමෙ බිදු බේරෙනවා 
ඔච්චමට මෙන් මෙට්ටෙ
කොහු හෙමින් කොනිතනවා ... 

( ලංකා " විල්තෙර " හි 24/10/2010 දී පලවිය )

වික්ටෝරියාවෙන්

නො ඇසෙයි වවුලු හඩ
මාර ගස් මුදුන් සිට එන 
නිහඩව හමන සුළග 
මහා කුණාටු මැද
මේ වික්ටෝරියාවේ ....

ඇය,
ඇගේම ලෝකයක 
වසා මුදාලු වරලෙන්
සගවාගෙන හාදු ...

දිසෙයි මට
හැට්ට පිට ඇගේ
සායම්ව අතියුරු 
විටින් විට වට 
වවුලු සු බිදු වලින්...

ලෝකයම අන්ධව 
ඇය අභියස 
වහන් වී ඇය 
සියලු ලෝකයෙන් ....

මම සැන්ගී
ඇගේ දෙඇසින්...

අසුවුනෙමි...

ගොරහැඩි දෙඇසකට 
නික්මුනෙමි සමුදී ඇයට
මගේ ලෝකයෙන් 


Thursday, August 9, 2012

ආදරේ පටුන



කවදද අනේ ඔයා,

ණයක් වෙලා ...
ඉඩමක් අරන් ,
ගෙයක් හදල ,
බබෙක් හදල ,
වාහනයකුත් අරන් ,

ඉතුරුවක් කරන්නේ ?

තේක්ක

අම්මගේ තාත්තගේ 
කසාදෙ 
දෑවැද්ද..

පස්සේ පස්සේ 

අපි පුංචි කාලේ
ඔන්චිල්ලාව එල්ලුවෙත් 
ඔය ගහක
අත්තක ....


කට්ටියක් ඇවිත්
අඩුම කුඩුම
අරගෙන,
ලබන මාසේ
අක්කගේ
දෑවැද්ද
හදන්න...

Wednesday, August 8, 2012

දවසක්

හිතාගන්න බැරි තරම් දුරට
හිත ඔහේ පාවෙලා යනකොට
කව්රුවත් දන්නැති උනාට
ඔය දැනගත්ත ඒ මගේ දුකට
කියල...

සල්ලි නෑ ...

මන් දුත්පත් සල්ලි වලින්
එත් ආදරෙන් ?


ඔයා දන්නවා හොදටම
මට වඩා ඇත්තටම .

අව් කාස්ටකේ

කැරකෙන දූවිල්ල
ඔයාගේ මූණ කළු කරන්
මගේ දිහා බැලුව

මන් දුත්පත් නිසා ....


"අය්යෙ මං කැම්පස්"

අම්මගෙ එක කඳුළෙක ගැඹුර
තේරුම් අරන් උඹ
නිදිවරා රෑ පුරා
කෙවෙන නෙතු නොපියවා
අකුරු කළ අයුරු මා දුටුවා

නොම පෙම්වතක අත පතා

පෑනටම පෙම්බැඳ
ඒ සමඟ කොල මතින් දුවගොස්
හෙට ලොවක් තනන බව මගෙ සිහිනෙ දුටුවා

ප්‍රතිඵලය ආපු දා
දුවැවිත් මා බදාගෙන
"අය්යෙ මං කැම්පස්" කියද්දි
නුඹ නෙතේ බැබළුණු සුභ සිහින දුටුවා

ප්‍රතිඵලය වෙනස් වී
සිහින මල් පර වී
නුඹ නෙත් අඳුරුකර කඳුළැල් ගළද්දී
මැළැවුණු ඔය මුහුණ දැක දැක
මා කෙසේ සිටිනෙම්ද ?

පරණ නිර්දේශයලු
මොකක්දෝ ඉසඩ් මදිලු
අළුත් උන්ට ඇරිලා
උඹට කැම්පස් වැහිලා
වැලේ ගෙඩි වැලට බර නෑ
කැම්පස් ඕනි නෑ
නංගියෙ උඹ ගෙදර හිටහන්

මීට,
හීතලට වෙව්ල වෙව්ලා
ගඟේ වැලි ඇදලා
පොත් අරන් දීපු
පන්ති යවපු
උඹ කැම්පස් යනවා හැමදාම හීනෙන් දැකපු උඹේම අයියා

දැන් යුද්දේ ඉවර නෑ

සද ඕනවටත් වඩා
පයලා 
හෙට පෝය නිසා

එක තරුවක් තියද

පයලා
හෙට පෝය නිසා

අමාවකට

ඔය මුකුත් නැති
ගොම්මන් අහස
කියනවා

ගොඩක් දේවල්
ඔයා
එදාට බය උනාට
හරියට

පෝය උනත් හෙටත් වැඩ
දැන් යුද්දේ නෑ

එත් මේ අපේ ලෑස්තිය
තණකොළ හිටවන්න

පරණ පාර්ලිමේන්තුවේ පිට්ටනියේ
බණ්ඩාරනායක මහත්තය බලන් ඉන්නවා
ඕනවට එපාවට වගේ

අපි බලා සිටිමු

අවාස කුටි දාන ශාලා 
වෙහෙර දාගැබ් තනා බණ මඩු 
බෝධි ප්‍රකාරයද රන් වැට
වැඩමවා සූ විසි බුදුන්

පවුරු පදනම් ගොඩනගන්නට 

එකිනෙකා පරයා නැගෙන්නට 
වෙහෙස වනු මිස ගමට සෙත කෝ 
පැවිදි උතුමන්ගේ මුවින්


දකින්නට නැති බැවින් පැහැදිලි
ගිහි සමාජය අතර වෙනසක්
ගමට පන්සල කුමට වසනා
නමට පමණක් බුදු පුතුන්

කවුරු මොනවා කොහොම හිතුවත්

පහන් සංවේගයෙනි කිවයුතු
සිවුරු ගලවා ගහක එල්ලා
වදින්නට සිදු නොවේවා මතු

ඉස්තිරික්කය

රත්වෙලා 
නැති නිසාද ?
අහක බලාගෙන,
තරහෙන් වගේ....
තව ටිකකින්
මම යනවා ....

හැමදාම වගේ 

හවසට එනවනේ...


බෝඩිමේ බිල ගෙව්වේ නෑ ...
එකනේ මේ !!!

Saturday, May 28, 2011

ප්‍රේමයේ පළමු විමසුම !


ගවුම් වාටිය පෙඟී බරව

බලාසිටියේ අප විලංගු ලා සිටී

ඒ පොළොව දෙසමය 

අහසෙහි අදෝනාවක් වැන්න වූ
මහ වැස්ස මෙතෙක් එසේමය ...


ජීවිතය මෙය යැයි
දෙදෙනාම සිතන්නටත් කලින්
කළු කුඩයක් අරක්ගත්තේ
ලෝකයාට නොපෙනෙන්නටමය ,
පළමු දිනම සැඟවුනේ එසේය ...


හංස යුවලක්
විලෙහි දිය සිඳෙද්දී
කොහේට යාදෝයි සිතනවා වැනි
සිහින් කකුල් දෙකක රැඳි
සුදුවන් වූ පාත්තු සඟල
විටින් විට සැලෙන්නට විය ...


කරගැට උදම් ඇනූ අත්ලක
කෝඩුකාර සටහන
ඇයගේ මැණික් කටුවෙන්
තදින් ලියන්නට
එදින සිට පටන්ගත්තේ
බොහෝ සෙනෙහසිනි  ...


ස්වාර්ථය පිණිස මිනිසුන් තෙරපෙද්දී
අපි තවත් ලන්වන්නට තැත් කළෙමු
වැස්ස නම් කුමක්දැයි
සිතුනේ ජීවිත බදා හුන්
පොළොව දෙස
දෙදෙනාම බැලීමෙන් පසුවය ....


විසල් අහසක් යට
කුළුඳුල් ප්‍රේමයක් ඉපදෙද්දී
සිව් පයට පෑගුන
ඒ බිම් කොටස
අපට වඩා වැදගත් වීය ...


මොහොතකට පෙර
මිතුරියන් අපි අතරමං කරේ
මේ පොලොවෙහිය
මිනිසුන් සඟවාගන්නේ
පොලොව මිස අහස නොවේය . ..