වැටී කතරට
අතරමං වුනු
මහා වැහි කළු වලාවක්
වස්සවා
හෙණ හඬ ගිගුම් දී
සනසවා දුහුවිලි පොදක්
ඈත සිට
නිහඬව හමා ආ
සුළඟ සොයමින් මාවතක්
නැවත නැවතත්
නොනැවතී යයි
වැහි අඳුර මුසු මාරුතක්
කෝ කොහිද නුඹ
කොහේ යන්නෙද
අසන්නේ එක දුහුවිලි ගලක්
කලින් කල වැසි
කඩින් කඩ වැටී
වැටී සලිතවු බිම් කඩක්
උඩින් දුහුවිලි
ගසාගෙන යන
වැස්ස කුමකට කප්පරක්
උඩින් නොපෙනෙන
බොහෝ දේ ඇත
විනිශ්චය කිම මලකින් පතොක්
ඔහේ පලයන්
ආයෙ මහ වැහි
ඕනෙ නැහැ පොඩි මේකුලක්
No comments:
Post a Comment